වැලි කරදහියක ලියූ වීර කාව්‍යක් …….

අධිපතිනියනි …………….
ඇයිද ඔබ බය වෙලා ……
මතකද ඔබ තුමි එදා, ඒ
ක‍්‍රෑර වන මෘගයා
ශූර ලෙස දමණය කළා

ඔය රන් කසයෙන් …….. තලා පෙලා
මායමෙන් වෙලා …… කරළා මුලා
මහා වන මෘගයා දමණය කළා ……………

ඇත්තෙන්ම ඔබ කාටද බය …………….. ?

කවය මැද
මලානිකව
පරාජිතව
වැතිර සිටි මෘගයාට ද?
නැති නම්
කවය වට, අඳුරෙ සිට
ප‍්‍රීති ඝෝෂා නැගූවනට ද?

මම නම් ඒ මෘගයාට වඩා
වට අඳුරෙ සිටි සෙනෙගට බිය වෙමි
මන් ද
බඩ පිරුණ විට මෘගයා සාමකාමී හෙයිනි
එය ඔබද හොදින්ම දන්නවා ඇති

ඔබ මෘගයා දමණය කළේ
වට අඳුරේ ප‍්‍රීති ඝෝෂා නැගූවනට බියේ නොවෙද?
………………………………

අධිපතිනියනි
ඔබ මෘගයාව මැරා දැමුවා
අමතකද ?
මෘගයා නැතිව ඔබට පාලුවක් දැනෙනවා නේද?
බයක් දැනෙනවා නේද?
රත‍්‍රන් වුවද, දැන් ඔය කසේ
ඇති ඵලය කුමක්ද?

“යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද?”
“දුශ්ඨයෙකු නැති වීර කවකට වීරයෙක් කුමකට?”

දැන් නම්
ඉස්සර වාගේ
ඔබට
ලණු උඩ සෙල්ලම් බෑ වාගේ
මේ කූඩාරමේ
එක ලණුවක් වත් නෑ වාගේ
දීල දීලම ඉවර වුනාද ………….
………..ලණු …………. ?

ඔබ ගොඩනැංවූ එ්,
මනරංජන, දර්ශනීය, රාජකීය
කූඩාරම දැන්
කඩමාල්ලක් වෙලා……….

අධිපතිනියනි ……!
ඇත්තෙන්ම ඔබ කාටද බය …….. ?